Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

අතිගරු ජනාධිපති තුමාගේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

අතිගරු ජනාධිපති තුමාගේ වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

බුදු දහමට අනුව ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව තමන් විශ්වාස කරන බව වෙසක් පුන් පොහෝදීන පණිවිඩයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී

එතුමා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවිඩය මෙසේය.

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි.

අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති.

ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලාමහනුවර තුන්බියකින් ඇලලී ගියේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු විය. බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව මට විශ්වාසය.
පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. එබැවින් නිවසේ සිට සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.

“තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතපප්ති
යස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති”

“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව සිදු කිරීම යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි. මේ වෙසක් සමයෙහි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරිමග යහපත්ව සකසා ගත හැකිය.

මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *