සජිත් සහ කරූ සාකච්ඡාවක – රනිල්ට නව තනතුරක් නිර්මාණය කෙරෙන ලකුණු

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් නොකර ඉදිරි කටයුතු ඔහු සමග සම්පාදනය කරීම උචිත යැයි කථානායක කරු ජයසූරිය මහතා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට යෝජනාවක් කර ඇතැයි වාර්තා වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කළහොත් ඒ වෙනුවෙන් ඔහුට ලබාදිය හැකි විකල්ප තනතුර කුමක්ද යන්න පිළිඹදවද කරු ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා සාකච්ඡා කර ඇති බවටත් පක්ෂ අනුශාසක වැනි තනතුරක් නිර්මාණය කර එම තනතුර වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් යෝජනා වී තිබෙන බවට වැඩිදුරට තොරතුරු වාර්තා වේ.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ඔහුට ලබාදීමටද යෝජනා වී තිබෙන බවයි කරුණු අනාවරණය වන්නේ.

මේ අතර නායකත්වය පිළිබඳ අවසන් එකගතාවයකට පැමිණීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා කරූ ජයසූරිය මහතා සමග පසුගිය 20 වෙනිදා වෙන වෙනම සාකච්ඡා පැවැත්වූවා.

නායකත්වය පිළිබඳ සිය තීරණය දින දෙකක් ඇතුළත දැනුම් දෙන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ප‍්‍රකාශ කර කළේ. ඒ අනුව බොහෝ විට අද (22) දිනයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණය දැනුම්දෙනු ඇති බවට එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් විශ්වාසය පළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *