Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාර්ලිමේන්තු කාරක සභා වලට නාමයෝජනා හැකි ඉක්මනින් ලබා දෙන්න – කථානායක දැනුම්දෙයි

පාර්ලිමේන්තු කාරක සභා වලට නාමයෝජනා හැකි ඉක්මනින් ලබා දෙන්න – කථානායක දැනුම්දෙයි

කාරක සභා සඳහා පත් කළයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (21දා) පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා සදහායි.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් හෙට (23) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට ද තේරීම් කාරක සභාවේදී තීරණය කරන ලදී. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලබාගෙන කෝප් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා කඩිනමින් පත් කිරීමටද මෙහිදී සාකච්ඡා වී තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්ද සමරසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් අමරතුංග, මනෝ ගනේෂන් සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ද ඊට සහභාගී වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *