සජිත් ජනපතිවූ විටත් අගමැති මමයි – රනිල් කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ හවුල් ආණ්ඩුවකට වඩා තනි ආණ්ඩුවක් යටතේ ඉතා කාර්යක්ෂමව සංවර්ධන කටයුතු කළ හැකි බවයි.

එමෙන්ම වතු ජනතාවගේ වැටුප් ගැටළු විසදීමටද කඩිනම් පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

යාපනය ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම ගුවන්තොටුපලේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

නොවැම්බර් මාසයේ සිට එහි නිසි පරිදි කටයුතු ආරම්භ කරන බවත් මත්තල ගුවන් තොටුපලද ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

1 Comment

  1. මේ බූරුවාට සයනඩ් ටිකක් වත් කවන්න බැරිද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *