තැපැල් ඡන්දය හෙට : සජිත්ගේ ප්‍රතිපත්ති තවම මග – ගෝඨාභයගේ ඒවාත් බලලා හදනවාලු – දයා ගමගේ කියයි

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව ඇති අතර අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ ඉදිරි වසර පහේදී රට ඉදිරියට ගෙනයාම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති කරුණු ද අධ්‍යයනය කර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළ බවද දයා ගමගේ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති ඔහු කරන කියන දේ තමා තම අමාත්‍යංශය යටතේ සිදුකර අවසන් බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම හෙට(31) ආරම්භ වන අතර ඉතිහාසයේ පළමු වරට තැපැල් ඡන්ද දායකයින්ට ප්‍රධාන අපේක්ෂකයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොමැතිව ඡන්දය දීමට සිදුව ඇත.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට සිදුවන්නේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති මොනවාද යන්න නොදැන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කළ දේ ඔවුන් දන්නා බැවින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින්ට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් අවශ්‍ය නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *