සජිත්ගේ රැලියේදී මංගල නාගනී

‘යන්න එන්න තැනක් නැති වෙන විදිහට අපි රාජපක්ෂලාට පරාජය වෙනවා’ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා මාතර පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියේදී පැවැසීය.

‘සජිත් එනවා’ දෙවන රැළිය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ජන රැලිය අමතමින් ඇමති මංගලට එසේ කියවුණු බව මාධ්‍ය වාර්තාකර තිබිණි.

‘මිත්‍රවරුනි බයවෙන්න එපා.. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති විදිහට අපි පරාජයට පත්වෙනවා’ යැයි ඇමැතිවරයා එහිදී පැවසීය.

එසේ පවසද්දී එහි සිටි ජනතාව අත්පොලසන් දුන් අතර වේදිකාවේ සිටි එජාප මැති ඇමතිවරුන්ද අත්පොලසන් දුන්හ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ මංගලට ඇත්තම කියවුණු බවත් කට බොරු කීවත් දිව බොරු නොකියන බව එයින් ඔප්පුවූ බවත්‍ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *