LK reports news sinhala

නවසීලන්තය සමග සටනට ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද(24) ප්‍රකාශයට පත් කෙරිණි.

විස්සයි විස්ස සංචිතයේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර ඇති අතර එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනකු ඇතුළත් කර ඇත. කණ්ඩායමේ උප නායකත්වයට නිරෝෂන් දික්වැල්ල පත් කරනු ලැබ සිටී.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ලහිරු මදුසංඛ සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයෝ වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග නවසීලන්තය අගෝස්තු 29වැනිදා පුහුණු  20-20 තරගයකට එක්වන අතර 20 -20 තරග ත්‍රිත්වය සැප්තැම්බර් 1, 3 හා 6 යන දිනයන්හි මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *