Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බත්තරමුල්ලට එන ජාත්‍යන්තර විනෝද උයන

බත්තරමුල්ලට එන ජාත්‍යන්තර විනෝද උයන

කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කරමින් හිම උද්‍යාන, ජල ක්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රැසක් සමග නවමු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට විඳගැනීමේ අවස්ථාවක් නුදුරේදීම උදාවනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදයද නිර්මාණය කරමින් එදිවන බත්තරමුල්ලේ විනෝද උයන හේතුවෙනි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝද උද්‍යානයට මුල්ගල තැබීම පසුගියදා මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

අන්තර්ජාතික විනෝද උද්‍යානයක් ලෙස මෙය ඉදිකෙරෙන අතර දියවන්නාව මූලික කරගනිමින් වම් ඉවුර සහ දකුණු ඉවුර සංවර්ධිත කලාපයක් බවට පත්වනු ඇත. එහි වම් ඉවුරේ අනාගත පරිපාලන නගරය, ගොඩනගාගෙන යන බවත් දකුණු ඉවුරේ වෝටර්ස් එජ් කලාපයේ මෙම විනෝද උයන නිර්මාණය වන බවත් කියති.

තවත් වසර 4කින් මේ කලාපය හරහා සැහැල්ලු දුම්රිය සේවයක් ගමන් අරඹන බවත් ඇමැති චම්පික කියා සිටී.

“මේ කලාපය ඉතාමත්ම කලබලකාරී ප්‍රදේශයක් බවට පත්වෙනවා. එතකොට ඒ අයගේත්, පොදුවේ ශ්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ මේ කළම්බු අයි නමින් අපි හඳුන්වන ඒ විශාල ෆෙරිස් වීල් එක පැමිණෙනවා විතරක් නෙමෙයි, දැනටමත් අපි ක්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කරලා තියෙනවා. අපි හැමෝම දන්නවා සංචාරක ව්‍යාපාරය අද අපිට විදේශ ආයෝජන ගෙන්වන ප්‍රධාන මාර්ගයක්. ඉදිරි කාලයේ දී අපි බලාපොරොත්තු වෙනවා, ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් මේ කලාපය එකතු කරන්න, කොළඹ නගරය සමඟ ජල මාර්ග ඔස්සේ. අපි නියමු ව්‍යාපෘතිය දියත් කළා. එතකොට තවත් දියුණුවත් එතනින් අපිට ලැබෙයි. ඒ වගේම ඒ සංචාරකයින්ගෙන් අපිට ලැබෙන ආදායම මිලියන 4,000 ඉක්මවා ලැබුණාට, ඒකෙන් අඩක් පමණ අපේ රටේ අයත් පිටරට ගෙනියනවා අධ්‍යාපනයට, ඒ වගේම සංචාරය කිරීම සඳහා විදේශ රටවල්වලට, සිංගප්පූරුවට සංතෝෂා දිවයිනට, එහෙම නැත්නම් ඩුබායි රටට, විශාල වශයෙන් අපේ සංචාරකයනුත් ඇදී යනවා. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගත් ධනය ඩොලර් මිලියන 4,300 යි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරටට අරන් ගිය ධනය ඩොලර් මිලියන 1,600 යි. එතකොට අපිට පේනවා, අපේ ඒ ධනය මෙහි ඉතිරි කර ගන්න නම්, ඒ ජනතාවට විනෝදාස්වාදය සැපයෙන ක්‍රියාදාමයක් ඇති කර ගත යුතුයි, විදේශවලින් ඇදී එන සංචාරකයින්ට අමතරව. මම හිතනවා ඒ ප්‍රතිඵල දෙකම විදේශ සංචාරකයිනුත්, දේශීය පිරිසටත්, මේ රට තුළම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමඟින් අවස්ථාව ලැබෙයි“ යනුවෙන් ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *