Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සජිත්ගේ නව පක්ෂයට පූර්ණ අනුග්‍රාහයට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත් වේ?

සජිත්ගේ නව පක්ෂයට පූර්ණ අනුග්‍රාහයට  මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත් වේ?

එක්සත් ජාතික පක්ෂ නායකත්ව නොලැබුනොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවීමට යෝජිත නව පක්ෂයේ සංවිධාන කටයුතු සහ එහි ඉදිරි කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට මාධ්‍ය ආයතන හිමිකරුවකු ඉදිරිපත්ව ඇති බවට වාර්තා වෙයි.

අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දෙමින්, සංවිධාන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදෙමින් කටයුතු කිරීමට මෙම මාධ්‍ය ආයතන හිමිකරු සූදානම් අතර එහිදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මාධ්‍ය ආයතන හිමිකරු සැළසුම් සකස්කර ඇත.

ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ප්‍රතිරූපය ගොඩනැංවීමේ වැඩසටහනක් සහ ප්‍රවෘත්ති නිර්මාණය නොවීම බව මෙම මාධ්‍ය ආයතන හිමිකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම ප්‍රචාරණ කටයුතු සඳහා පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක දේශපාලන වැඩසටහන් මෙහෙය වූ නිවේදකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මේ මාධ්‍ය හිමිකරු විසින් සේවයට බඳවාගෙන ඇති බව වාර්තාවන අතර මෙම නවක සේවකයන් දෙදෙනාට පැවරී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිර්මාණය කිරීමය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *