සංචාරක හෝටල් ලබන ජුලි මාසයේදී විවෘත කිරීමට පියවර

ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

ඒ සදහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට ලබාදී ඇති බවත්, මේ සම්බන්ධව වැඩිදුරටත් සාකාච්ඡා කිරීමට ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පවසයි.

සංචාරක හෝටල් විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර අතට අත දීම වෙනුවට ආයුබෝවන් වැනි ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රම භාවිත කළ යුතු බවත්, කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැලඳ සිටිය යුතුය යන ආරක්ෂිත ක්‍රමවේදද ඒ අතර වේ. එමෙන්ම අමුත්තන් ගැවසෙන සියලුම ප්‍රදේශ සහ උපකරණ විෂබීජහරණය කළ යුතු අතර, අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිමද සිදු කළ යුතු වේ. අමුත්තන් ලියාපදිංචි කිරීමේදී සියලු තොරතුරු ලබාගත යුතු අතර ඔවුන් පැමිණී රට හා ගුවන් යානයේ අංකය, ආසන අංකය යන අමතර තොරතුරුද ලබාගැනීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *