ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම නැවතත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 31 වනදා තෙක් නැවතත් දීර්ඝ කරන බව එම සමාගම නිවේදනය කරයි. ලොව පුරා ගමනාන්ත රැසක ක්‍රියාත්මක සංචාරක බාධක රෙගුලාසි ඊට හේතුව බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් ආර්ථික කටයුතු ආරම්භවීමත් සමග ගමනාගමන බාධා ලිහිල් කිරීම මත ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං නගර දක්වා මගී ප්‍රවාහන ගුවන් සේවා නැවත ආරම්භ කල බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *