Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලාංකිකයන් දහසකට සෞදි අරාබිය් බස් රථ රියදුරු රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන් දහසකට සෞදි අරාබිය් බස් රථ රියදුරු රැකියා අවස්ථා

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් රැකියාවේ යෙදීමට ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹෙන තිබේ.

මෙම එකඟතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂක මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් යන මහත්වරුන් අත්සන් කරන ලදී.

මේ යටතේ ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවන අතර, බර වාහන රියදුරු බලපත්‍ර හිමි වයස අවුරුදු 45ට අඩු, වසර 2ක පළපුරුද්ද ඇති පුද්ගලයින්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව උදාවේ.

රැකියාවට පෙර සති 3ක කාලයක් ඉංග්‍රිසි හා අරාබි භාෂා පුහුණුව මෙරටදී නොමිළේ ලබා දෙන අතර, තෝරා ගන්නා රැකියා ලාභීන්ට එරටදීද විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එරට රියදුරු බලපත්‍රයද ලබාදීමට කටයුතු කෙරේ.

බඳවා ගන්නා ශ්‍රමිකයින් හට ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනු ලබන අතර, කිසිඳු ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම රැකියා අවස්ථාවන් හිමි වේ.

සෞදි අරාබියේ රියාද්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වීමට නියමිත අතර, මෙම රැකියා සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන රැකියා අපේක්ෂිතයින්ට කාර්යාංශයේ රැකියා බැංකුවට අයදුම්පතක් ඉදිරිපත් කිරීම මගින් ඒ සඳහා අයදුම් කළ හැකිය.

බර වාහන රියදුරු රැකියා සඳහා අදාළ අවබෝතා ගිවිසුම වෙනුවෙන් දෙරටේ නියෝජිතයින් විසින් නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *