පාරිභෝගියාට අවශ්‍ය තොරතුරු පහසුවෙන් බලාගත හැකි ස්මාර්ට විදුලි මීටරයක්

විදුලි අක්‍රමිකතා නැවැත්වීමට මෙන්ම පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) මගින් හඳුන්වා දී තිබේ.

දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නිවෙස් හා ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය මගහැරවීම සදහා පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වාදී තිබේ.

එමෙන්ම මෙම ස්මාර්ට් විදුලි මීටරය ඔස්සේ ඔබේ විදුලි පරිභෝජන දත්තයන් සෑම පැය භාගයකටම වරක් ස්වයංක්‍රීයව ඔබේ බලශක්ති සැපයුම්කරුවා වෙත සපයන අතර මෙමගින් සම්ප්‍රදායික විදුලි මීටරයෙන් එහාට ගිය බලශක්ති භාවිතය හා පිරිවැය පිළිඹද යාවත්කාලීන තොරතුරු ඔබටත් සැපයුම්කරුටත් ලබාදේ. තවද කිසිදු ගැටලුවකින් තොරව ඔබේ මීටරය නිවැරදිවම කියවීමේ හැකියාව හා ඔබ විදුලිය පරිභෝජනය කරන ආකාරය ඔබටම බලාගතහැකි වීමත් පෙර සහ වර්තමාන විදුලි පරිභෝජන මට්ටම් සංසන්දනය කර බැලීමෙන් ඔබගේ විදුලි පරිභෝජනය කළමනාකරණය කරගැනීමේ හැකියාවත් ඇත.

මෙම ආයතනය විසින් දිනකට නව ස්මාර්ට් විදුලි මීටර් 2000ක් නිපදවන අතර දැනටමත් අපේ රට තුළ එවැනි ස්මාර්ට් විදුලි මීටර් 64000ක් ස්ථාපනය කර තිබේ.

ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළට මෙම විදුලි මීටර් හඳුන්වා දීම මගින් අපේ රටට විදේශ විනිමය ගලා ඒමට කටයුතු කිරීමත් අරමුණ බැව් එම සමාගම පවසයි. ඔවුන්ගේ ඉලක්කය වසරකට ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 04ක් නිපදවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *