ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදියේ ජෙඩා දක්වා ගුවන් ගමන් නතර කරයි

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය මත මාර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා සිදු කරන ගුවන් ගමන් නතර කිරිමටත්, මාර්තු මස 15 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරිමටත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරිමට පියවර ගෙන ඇත්තේ සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා තිබෙන නියෝගයක් මතයි.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු විදෙශිකයෙක්ට සෞදි අරාබියට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.

සෞදි අරාබියේ ජෙඩා දක්වා ගුවන් ගමන් අත්හිටවූවත් රියාද් සහ දමාම් දක්වා වන ගුවන් ගමන් අඛණ්ඩව සිදු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *