කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්, විස්සයි විස්ස තරගාවලියේ ජයත් කොදෙව්වන්ට

ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කය හඹාගියා කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය කර ළගා විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *