ශ්රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රටවල් කිහිපයක් තීරණය කර ඇත

ශ්රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු රටට ඇතුළුවීම අත්හිටුවීමට කුවේට් රාජ්යය තීරණය කර ඇත.
කොවිඩ් -19 වෛරස ව්යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එක්සත් අරාබි ඒමීර් රාජ්ය ද හෙට දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ නිවේදනය කෙරිණ.
මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද ශ්රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
