ශ්‍රී ලංකාවට එරෙහිව පෙත්සම් දහසක් ජිනීවා වෙත යවයි

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මානව හිමිකම් සංවිධානවලට තර්ජනය කරන බව සදහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් වෙත පෙත්සම් දහසකට අධික සංඛ්‍යාවක් යවා ඇති බව අනාවරණය වී තිබේ. ජිනීවා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන්ද ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය පෙත්සම් රැසක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම තර්ජනය කිරීම් චෝදනා මුළුමනින්ම සාවද්‍ය බවයි රජය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම රහසිගත රහස් පොලිස් වාර්තා පහක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණු බව මානව හිමිකම් කවුන්සිල වාර්තාවකින් අනාවරණය වී ඇති අතර, එම වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණේ කෙසේද යන්න ගැන රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වාර්තාවලින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉලක්ක කර තිබූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *