Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්
ප්‍රවෘත්ති

රිෂාඩ් බදියුදීන් හමුවීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අදහස් දක්වයි

රිෂාඩ් බදියුදීන් හමුවීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අදහස් දක්වයි

පසුගියදා වවුනියාවේ පැවති විවෘත කිරීමේ උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා තමා හමුවීම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. ඒ මහතා පවසන්නේ එම හමුවීම මගින් සනාථ වන්නේ බදියුදීන් මහතා ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබාගැනීමේ පියවරක් නොවන බවයි.

ඒ මහතා විසින් සිය ෆෙස්බුක් ගිණුමේ සටහන් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.

“මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *