කොළඹ මග දෙපස ඇති ගස් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ විටින් විට ගස් කඩා වැටීමේ තත්වය මත සිදු කළ සමීක්ෂණයකින් කොළඹ මාර්ග දෙපස ඇති ගස් ආරක්ෂා කර මහජන දේපොළ සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති කාර්යාලයේ පරිසර ඒකකය සැලසුම් කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

පසුගිය කාල සීමාව තුළදී ගසේ මුල් දිරාපත්වීම, ආයු කාලය ක්ෂයවීම, පරපෝෂණය සහ ශාක කඳන් මත පාසී බැඳී බර වැඩීවිම යන හේතු මත කොළඹ නගරයේ විශාල ගස් 27 ක් ඇද වැටී ඇති බව ඒ පිළිඹද කළ අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ පේරාදෙණිය උද්භිත උද්‍යානය, කොළඹ මහනගර සභාව හා එහි නව අලංකරණ ඒකකයේ නිලධාරීන් මගින් එම අධ්‍යයන සිදු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *