වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා තෙක් නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නවත්වා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදු නොවීමෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් එකතු වී තිබීම මිට හේතු වී ඇති බවයි එම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *