LK reports news sinhala

ශ්‍රීලනිප පිරිසක් ගෝඨා හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(29) පැවැත්විණි.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ශ්‍රිලනිප භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන පිරිස එසේ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් මෙතෙක් විස්තර වාර්තා වී නැත. මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *