සිංහල නමින් පෙනී සිටි මුස්ලිම් අන්තවාදියා රිමාන්ඩ්

සිංහල නමකින් පෙනී සිටිමින් මුස්ලිම් අන්තවාදී කටයුතු සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට හවුල්වූ අයකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නිට්ටඹුව පදිංචි රම්සි පුනාර් අතීෆ් මොහොමඩ් මොහොමඩ් ඉස්මයිල් අර්ෂාන් නමැත්තා එසේ රිමාන්ඩ් කෙරිණි. මුස්ලිම් ජාතිකයකු සිංහල නමකින් පෙනී සිටිමින් උසස් පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයකු ලෙස අඟවමින් අයිඑස් හා මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට හවුල්විණැයි කොළඹ මධ්‍යම කොට්ඨාසයට ලද තොරතුරක් මත එසේ අත්අඩංගුවට ගත් ඔහු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබ ඇත.

ඔහු හර්ෂාන් යන සිංහල නමින් පෙනී සිටිමින් මරදානේ ආයතනයක සේවය කර ඇති අතර ජාතික පොලිස් කොමිසමේ සේවය කරන බව පවසමින් ව්‍යාජ ලේඛන කිහිපදෙනකුට ලබාදී ඇති බවත් වාර්තා විය.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *