ශ්‍රීලනිප ඇමැතිවරු පෙරමුණ ගත්තොත් මම ඇමැතිකමෙන් ඉවත් වෙන්න සූදානම් බව නාමල් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදර්ශමත් වන්නේ නම් ශ්‍රීලනිපයේ ඇමතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස ප්‍රථමයෙන් ඉල්ලා සිටින්නේ නම්, අමාත්‍ය මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා තමන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“ශ්‍රීලනිපයට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව කප්පාදු කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වෙන්න කියා ආදර්ශයක් දිය හැකියි. ඒ නිසා මම මගේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්. එහෙම කළාට මට ප්‍රශ්නයක් නැහැ,” ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති බැවින් විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඊට සහභාගි නොවන්නට ඇතැයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *