වෝහාරික විගණන වාර්තාව හා අතුරු සම්මත ගිණුම පිළිඹද විවාදය අද

මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදය අද (18) ආරම්භ වෙන අතර එය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ..

එමෙන්ම රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද (18) පාර්ලිමේන්තුවේ දී රජයේ මුදල් කාරක සභාව විසින් සලකා බැලීමට නියමිතව තිබේ.එම යෝජනාව කාරක සභාව විසින් අනුමත කිරීමෙන් පසු ලබන 20 වන දින පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරන්නේ. ලබන 20 වන දින පෙරවරු 9.30යේ සිට 12.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ජාතිය ගොඩනැගීමේ බදු සශෝධන, ආර්ථික සේවා ගාස්තු සංශෝධන සහ වරාය හා ගුවන්තොටුපල බදු සංශෝධන පනත් කෙටුම්පත් 03ක් අද මුදල් කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. එම කෙටුම්පත් ද කාරක සභාවේ අනුමැතියෙන් පසු ලබන 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *