2026 වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් මැයි 30 සහ 31 යන දෙදින තුළ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී එය වසා දැමීම තහවුරු කළේය.
මේ අතර ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මස් කඩ, ඝාතකාගාර, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා ද දින තුනක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව මැයි 30 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා දිවයින පුරා සියලුම සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසැල් වසා දැමීමටත්, සුපිරි වෙළෙඳසල්වල මස් අලෙවිය අත්හිටුවීමටත්, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා වසා දැමීමටත් උපදෙස් නිකුත් කර තිබේ.
සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා පැවැත්වෙන 2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.


