පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥයා හා සම්බන්ධව තවත් තොරතුරු හෙළිවේ

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින, මදුරන්කුලිය මද්‍රසා පාසල පවත්වාගෙන ගිය නීතීඥවරයා සභාපති ධූරය දරන රාජ්‍ය නොවන සංවිධානය පිළිඹද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් කරුණු රැසක් හෙළි කරගෙන තිබේ. එම රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇති බවත්, මෙම රාජ්‍ය නොවන සංවිධානයට තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලැබී ඇති බවටත් වැඩිදුරටත් කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එමෙන්ම මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර මත පවත්වාගෙන ගිය මදුරන්කුලියේ පිහිටි මද්‍රසා පාසලින් අධ්‍යාපනය ලද මාපියන් අහිමි දරුවන්ද මේවන විට හදුනා ගනිමින් සිටින බවද වාර්තා වන අතර මෙම පාසැලින් අන්තවාදය වපුරා ඇති බවටත් එම දරුවන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වී තිබේ. මීට අමතරව මෙම දරුවන්ට හැර තවත් දරුවන් පිරිසකටද සහරාන්ගේ පිරිස් විසින් සටන් පුහුණුව ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *