වෙල්ගම හා පාඨලීත් මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි වෙයි

මෙරට කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති තත්වයක් තිබියදී ඡන්දය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ශේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවට වාර්තා වේ.

ඔවුන් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙන්නේ පසුගිය මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජුනි 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසටයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා, නීතීඥ චරිත ගුණරත්න, හිටපු කර්තෘ වික්ටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් ඇතුලු පිරිසක් විසින්ද මීට පෙර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් පෙත්සම් 9 ක් ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *