ජනපති ගෝඨාභයට නැවතත් නඩුවක්..?

ඇමරිකානු පුරවැසිභාවය අත් හළ බවට ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමෙන්තුව විසින් ඊයේ නිකුත් කළ නිල ලේඛනයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත්වී තිබුණා.

එසේ වුවත් ඇතැම් පාර්ශව ඒ සම්බන්ධව තවත් තර්කයක් මතු කරමින් නැවතත් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුමගට යොමුවීමේ හැකියාවක් සොයාබලමින් සිටින බවට වාර්තාවේ. අදාළ ලේඛනය 2020 මාර්තු 31 වනදායින් අවසන් වූ මෙම වසරේ පළමු කාර්තුව සඳහා නිකුත් කළ වාර්තාවක් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් නාමයෝජනා භාරදුන් 2019 ඔක්තෝබර් 07 වනදා වනවිට රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු අසම්පූර්ණ බවටයි ඔවුන් තර්කයක් මතු කරමින් පෙන්වා දෙන්නේ.

එම පාර්ශව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූලභාවට සම්බන්ධ අතිශයින් තීරණාත්මක කටයුත්තක් බැවින් මේ පිළිබඳ අවසන් කරුණු පැහැදිලි කරගැනීමක් සඳහා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීම වඩාත් සුදුසු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *