වුහාන්

වුහාන් සිට පැමිණි සිසුන් යුද හමුදා මූලස්ථානයට

චීනයේ වූහාන්හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා අකුරේගොඩ, යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ ඇත.

ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යාම සඳහායි.

යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත් වී ඇති අතර යුධ හමුදා මූලස්ථානයෙදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යනු ඇත.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන එනු ලැබුවේය.

ඉන්පසුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමට කටයුතු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *