Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කළු ගඟේ වතුර බොන්න එපා – ජල සම්පාදනයෙන් නිවේදනයක්

කළු ගඟේ වතුර බොන්න එපා – ජල සම්පාදනයෙන් නිවේදනයක්

කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම පරිභෝජන කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර බවුසර් මඟින් ලබාදෙන ජලය පානය සඳහා භාවිත කරන ලෙසයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපැවැත්වෙන බව සඳහන්.

පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් පොදු ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කර ඇති අතර ලවණ මුසු වීමේ තත්ත්වය පහව ගිය පසු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

කෙසේවෙතත් කළු ගඟේ ජලය පානීය නොවන වෙනත් අවශ්‍යතාවන් සඳහා භාවිත කළ හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *