ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රුපියල් 50ක මිලටක් යටතේ මිලදී ගැනිමටත්, අදාළ ප්‍රමිතිය නොමැති තෙතමනය සහිත වී කිලෝවක් මිල රුපියල් 45කට මිලදී ගැනිමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙට්‍රක් ටොන් මිලියන 3ක වාර්තා ගත වි අස්වැන්නක් මෙවර ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනු ඇතැයි ගණන් බලා තිබේ. එසේම වී මිලදී ගැනිමේදී මහා පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම සුළු පරිමාණ මෝල් හිමියන්ටද රජයේ බැංකු හරහා 8%ක පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමටද අවස්ථාව ලබා දී තිබේ.