රන්ජන් හඬපට ඇතුලත් කිසිදු සීඩී පටයක් සභාගත කර නෑ – නියෝජ්‍ය කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි දුරකථන හඬපට සම්බන්ධ කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කටයුතු අද (23) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේ දුරකථන සංවාද 15,000 පමණ ඇතුලත් CD පට සභාගත කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *