විශ්‍රාමික ගුවන් හමුදාපති තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරයට

විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

කොළඹ 05, එල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී මෙම වැඩ භාර ගැනීමේ උත්සවය පැවැත්වුණු අතර, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ නව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි ආරම්භ කළේය.

වැඩබලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, කොමසාරිස් (සංවර්ධන) විශාකා කුමාරගුරු, කොමසාරිස් (විමර්ශන) නිමලිකා කුමාරි ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *