විරෝධතා කරුවන් පිරිසක් හමු වීමට ජනපති යයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි විරෝධතා කරුවන් පිරිසක් හමු වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්ධන ඒකකයේ සේවකයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් හමුවූවා. ඉදිරියේදී රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද රැකියා ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටිය විරෝධතාකරුවන්ට සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *