විභාග කීපයක් කල් දමා තිබෙන බව විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි. ඒ අනුව විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි. 
