විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන්හි තාවකාලික ප්‍රමාදයක්…

පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී තාවකාලික බාධා එල්ල වී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළා.

එබැවින් දිවයින පුරා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම ක්‍රියාවලිය අත්හිටුවා ඇති අතර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි අන්තර්ජාල සේවාවල ඇති වූ කාර්මික දෝෂයක් පද්ධතිය අක්‍රිය වීමට හේතු වී ඇති බව දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

එක්දින සේවාව යටතේ අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර තැපැල් සේවය හරහා යැවීමට කටයුතු කරමින් සිටින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *