බොරැල්ල වැටලීමකදී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

දෙමටගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී හමුදා සෙබළෙකුගේ ආයුධයක් වැරදීමකින් වෙඩි වැදීමෙන් කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, බොරැල්ල හල්ගහකුඹුර ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධිය වාර්තා වූ බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 25 හැවිරිදි කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

බොරැල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *