විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්…

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ඊයේ (14) දින සිට දින 7ක කාලයක් නීතියට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.

තම ගැටළු නියමිත කාලය තුළ විසදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවත් සාකච්ඡාවක් පවත්වන බවයි ලංවිම ඉංජිනේරු සංගමයේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ.

අත්‍යාවශ්‍ය සේවා අංශ කිහිපයක වෘත්තීය සමිති විසින් සැලසුම් කර ඇති මහා පරිමාණ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සඳහා අසනීප නිවාඩු සඳහා අයදුම් කිරීමට සහ හෙට සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට සංගමය තීරණය කර ඇති බව එම නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.

මෙම කාලසීමාව තුළ සැලසුම් සහගත විදුලි බිඳවැටීමක් සිදු නොවන බව සඳහන් කළ එම නිලධාරියා කියා සිටියේ මේ හේතුවෙන් විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද විය හැකි බවයි.

වීඩියෝ: https://web.facebook.com/lnwsrilanka/videos/606737960902599/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=1YhcI9R

Leave a Reply

Your email address will not be published. Required fields are marked *