විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවන්ට මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ සිව්දෙනෙකුට නියම කරන ලද මරණ දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය  තහවුරු කළේය.

ඒ අනුව, මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් ඇතුළු වරදකරුවන් සිව්දෙනෙකු විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පුන්ගුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් 27 වන දින යාපනය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඔවුන් වරදකරුවන් කර මරණ දඬුවම නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *