ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල සති පොළ පැවැත්වීමට අවසර

ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල ප‍්‍රමාණවත් පහසුකම් තිබේනම් පමණක්, දින පොළ හා සති පොළ පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදි තිබේ.

ඒ අනුව පොළ පරිශ්‍රය තුළ වෙළදුන් හා පාරිභෝගිකයන් මුව ආවරණ පැලද සිටීම අනිවාර්යය බවත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම හා සෙසු සෞඛ්‍ය උපදෙස්ද පිළිපදින බවට තහවුරු කිරීමටද පොලිස් ස්ථානාධිපතිවරුන් කි‍්‍රයා කළ යුතු වේ.

එළවළු අලෙවිය සාධාරණ මිලකට සිදුවන්නේදැයි නිරීක්ෂණය කර ප‍්‍රාදේශීය මිල ගණන් විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල සමග සසදා එළවළු මිල නියාමනයටද පොලිස් ස්ථානාධිපතිවරුන් කටයුතු කළ යුතුවේ.

ඇතැම් සුපිරි වෙළදසැල්වල පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවෙසන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම තහවුරු කරන ලෙසටත්, එම ස්ථානවලට නිලධාරීන් වැඩි පිරිසක් යොදවන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *