වාතයේ ගුණාත්මක භාවය අවම වීමට හේතුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි.

ඉන්දියාවේ සහ අසල්වැසි රටවල වායු දූෂණය ශ්‍රී ලංකාවේ වායු අවකාශයට ඇතුළුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, මේ හේතුවෙන් පසුගිය දින තුන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දුමාරයක් දක්නට ලැබුණු බවයි.

“වෙනත් රටවලින් වායු දූෂණය ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු වෙමින් පවතී, ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන්. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යැයි ප්‍රේමසිරි වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ මෝසම් කාලයත් සමඟ මෙය සාමාන්‍ය සිදුවීමක් බව ප්‍රකාශ කළ ඔහු, මෙය ලබන වසරේ මාර්තු මාසය දක්වා විටින් විට සිදුවනු ඇති බව සඳහන් කළේය.

ප්‍රේමසිරි හුස්ම ගැනීමේ අපහසුතා ආශි‍්‍රත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ප‍්‍රවේශම් වන ලෙසද අවවාද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *