Income Tax

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලය තවත් සතියකින් දීර්ඝ කරයි.

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලය නොවැම්බර් 30 වැනිදා සිට තවත් සතියකින් දීර්ඝ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“නොවැම්බර් 30 වැනිදාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බදු වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට සතියක් ඇතුළත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එම කාලසීමාව තුළ ලබාදුන් වාර්තා නොවැම්බර් 30 වැනි දින ලබාදී ඇති පරිදි අධිභාරයක් නොමැතිව සලකා බලනු ලැබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය (RAMIS) බදාදා (30) කාර්මික දෝෂයකට ලක් වූ බවත් එය මේ වන විට නිවැරදි කරමින් පවතින බවත් විපක්ෂය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ආදායම් වාර්තා නොවැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *