වවුනියාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වවුනියාව සෝබලපුලියන්කුලම් ප්‍රදේශයේදී ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 310ක් සමඟ 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත පූවරසන්කුලම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිකුරාදා (31) සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *