Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ සහරාන් විසින් දරුවන්ට අවි පුහුණුව ලබාදුන් බව හෙළිවේ

වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ සහරාන් විසින් දරුවන්ට අවි පුහුණුව ලබාදුන් බව හෙළිවේ

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි දරුවෙකු ලබා දී ඇති ප්‍රකාශයක් අනුව වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ඒ සමග අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කාරතිව් අරාබි පාසල 2008 වසරේදී ආරම්භ කර තිබුණු අතර එය 2018 වසරේ අවසානය දක්වා පවත්වාගෙන ගොස් තිබේ. මෙම පාසලේ ඉගෙනුම ලබා ඇත්තේ විවිධ ප්‍රදේශවල දෙමව්පියන් අහිමි දරුවන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් බවටයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම මෙම අරාබි පාසල මෙහෙයවා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් බවට ද තොරතුරු ලැබී ඇත. ඒ අනුව එහි සිටි දරුවන්ට ඉලක්කවලට වෙඩි තැබීමට පුහුණු කරමින් අවි පුහුණුව ලබා දී ඇති බව අදාළ දරුවා පාපොච්ඡාරණය කර ඇති බවට වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *