වත්මන් රජය අයවැයක් හෝ ඉදිරිපත් කරගත නොහැකි අසාර්ථක රජයක් – චන්ද්‍රාණි බණ්ඩාර

පසුගියේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයමින් වර්තමාන ආණ්ඩුව සිය අඩුපාඩුකම් වසා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි. ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අද විවිධ දේ ඇමිණීමට සුදානම් වන වත්මන් රජය, ජනතාවගේ කල්පනාව වෙනත් අතකට හැරවීමේ උත්සහයක නිරත වෙන බවත්, පසුගිය රජයේ පැවති නාස්තිකාර යුගය හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකිව අපට මේ දේ කළ නොහැකි යැයි පවසන බවද පැවසීය. ඇය මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය පවසා සිටියේ,

නොහැකියාවක් ඇති රජයක් ලෙස වත්මන් රජය පත්ව ඇතැයි ද කියා සිටි මන්ත්‍රීවරිය ලක්ෂ 69 ක් ඡන්දය ලබා දී පත්කරනු ලැබුවේ දුන් පොරොන්දු ගැන විශ්වාසය තබමින් බවත් කියා සිටියාය.

තුනෙන් දෙකක බලයක් නොමැතිව රජයක් ගෙන යා නොහැකි බව ඔවුන් පවසන බවත් පැවසු මන්ත්‍රීවරිය තම රජය 2015 දී අඩු බලයක් තුළත් අයවැයක් ඉදිරිපත් කර රටේ වැඩ ඉදිරියට ගෙන ගිය බවත් පැවසීය.

වත්මන් රජයට මන්ත්‍රීවරු 90 කට වැඩි ප්‍රමාණයක් සිටින බවත්, එවන් පසුබිමක අයවැයක් හෝ ඉදිරිපත් කර ගත නොහැකි ඉතා අසාර්ථක රජයක් බවට වත්මන් රජය පත්ව ඇතැයිද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *