වත්තලට පැය 18 ක ජල කප්පාදුවක්

වත්තල ජල සම්පාදන ක්‍රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද (03) පෙරවරු 10.00 සිට හෙට (04) උදෑසන 4.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දන්වා සිටියි.

ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *