Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
විශේෂාංග

ලොවක් හැඬවූ නාදියාගේ කථාව

ලොවක් හැඬවූ නාදියාගේ කථාව

සන්නද්ධ අරගල අතරතුරේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින්, ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන අසරණයන් වෙනුවෙන් නැගී සිටින මානව ක්‍රියාකාරීන් ලෙස මුක්වේග් සහ නාදියා ඇගැයීමට ලක් කෙරෙනවා’ යැයි නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදී, සාම ත්‍යාගය පිරිනැමෙන්නේ කාටදැයි නොබෙල් කමිටුව ලොවට අනාවරණය කළේය.

නාදියා මුරාද්ගේ කතාව සුන්දර එකක් නොවෙයි. ඇය ඉරාකයේ යදීසි ගෝත්‍රික යුවතියකි. 2014 දී අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ නැගී සිටීම සිදුවිය. අද වනවිට අයි.එස්.අයි.එස්. එසේත් නැතිනම් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් හැඳින්වෙන්නේ දයේෂ් තක්ෆීරී යනුවෙනි.

ත්‍රස්තයන්ගේ නැගී සිටීම සිදුවූයේ ඉරාකයේත් සිරියාවේත් ඔවුන් විසින් අල්ලා ගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවමිනි. එම වසරේ අයි.එස්. ත්‍රස්තවාදියෝ නාදියාගේ යදීසි ගමට කඩා වැදී ගමේ සිටි පිරිස මරා දැමූහ. නාදියා ඇතුළු සෙසු තරුණියෝ 7,000 ක පිරිසක් පැහැර ගනු ලැබූහ. නාදියා පමණක් නොව, යසීදි කාන්තාවෝ රැසක් එම අවස්ථාවේ පටන් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත්විය.

ඉරාක රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින සන්නද්ධ කල්ලියක් බවට පත් වූයේ දිවි බේරා ගනිමින් ඉතිරි වුණු සෙසු යදීසි ගෝත්‍රිකයෝය.

උතුරු ඉරාකයේදී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී, දූෂණයට ලක් වී, ලිංගික වහලියක් ලෙස විකුණා දැමීමෙන් පසු, නාදියා පණ බේරාගෙන ඉරාකයෙන් යුරෝපයට පලා ගියාය. එහිදී ඇය මානව ක්‍රියාකාරිනියක ලෙස තමන්ට පමණක් නොව සෙසු යදිසි යුවතියන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න වූවාය.

නාදියා මුරාද් උපත ලැබුවේ 1993 වසරේදීය. ඇය අද වනවිට ඇගේ යදීසි ගෝත්‍රික කතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන්නීය. පසුගිය 2016 වසරේ දී ද ඇගේ මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම යෝජනා වුණු නමුත් ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි නොවිණි.
2016 වසරේ සැප්තැම්බරයේ නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස පත් වූවාය. ලොව පුරා විසිරී සිටින යසීදි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ‘යස්ඩා’ නමැති සංවිධානයේ සහාය ද නොඅඩුව නාදියාට හිමිවෙයි.

අද වනවිට ඉරාකයෙන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජය සමත් වී ඇත. නාදියාගේ උපන් ගම්මානය පවා ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඉරාක ආරක්ෂක අංශ සමත් වී ඇත. ඒ 2017 වසරේදීය.

නාදියා මුරාද් වසර 3 කට පසු යළි සිය මවුරට වන ඉරාකය බලා පැමිණියාය. ඒ පසුගිය 2017 වසරේදීය. නාදියාගේ යළි පැමිණීම ඉතා හැඟීම්බර සිදුවීමක් වුණු අතර, එය විදෙස් පුවත් සේවා අතරේ ද කැපී පෙනෙන පුවතක් බවට පත් විය. ඇයට ඉරාක රජයෙන් ද විශේෂ අනුග්‍රහයක් හිමිවිය. එපමණක් නොව උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.
යසිදි පමණක් නොව, අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලබන තරුණියන් තවමත් ලිංගික වහලියන් ඉතිරි වුණු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටින බව පැවැසෙයි. ඇමෙරිකා සහ ඉරාක හමුදා අවස්ථා කිහිපයකදී එවැනි තරුණියන් බේරා ගත් බව ද වාර්තා වී තිබේ.

අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස අපා දුක් විඳි කාලය සහ එම අමිහිරි අත්දැකීම් සියල්ල ලොවට හෙළි කිරීමට නාදියා කටයුතු කළාය. ඒ ඇය විසින් ලියූ ‘ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට්’ නමැති කෘතිය හරහාය. මෙම කෘතිය පසුගිය 2017 වසරේ දී එළිදැක්විණි.

[post-views]

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *