LK reports news sinhala

රතන හිමියන්ගෙන් ස්ථිර පොරොන්දුවක්

මහා මූල්‍ය වංචාවකට හේතුවී ඇති නැගෙනහිර හිටපු මහ ඇමැති හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් ආයතනය ජනවාරි මාසයේ විවෘත කිරීමට ස්ථිරවම ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

හිස්බුල්ලාගේ ගිණුමට ලැබුණු කෝටි ගණන් මුදල් සම්බන්ධයෙන් වන නඩුව විධිමත්ව අසා අවසන් වන තුරු මෙම ආයතනය විවෘත කිරීමට ඉඩ නොදෙන බව කී ඒ හිමියෝ හිස්බුල්ලාට ඕන විදිහට විවෘත කරන්න නම් මේක රටක් නොවන බවත් මේ වගේ මහ පරිමාණ මූල්‍ය වංචාවක් වෙන රටකදී සිදුවුණා නම් දැනටමත් මොහු අත්අඩංගුවේ පසුවන බවත් කීහ.

“ජනවාරියේ පටන් ගන්න ඕනෑ නම් ඉක්මනින් විධිමත්ව නඩු අහලා තීන්දුවක් ලැබිය යුතුයි. ඒ තීන්දුවට අපි හැමෝම ගරු කරනවා. ජනවාරි මාසය වනවිට අලූත් ජනාධිපතිවරයෙක් පත්වෙනවා. ඒ අනුව අපි ක්‍රියා කරනවා’’ යැයිද උන්වහන්සේ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *