ලොතරැයි අලෙවි කිරීමටත් අවසර

කොවිඞ් 19 වෛරසය පැතිරයාම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක සිට නතර කර තිබූ ලොතරැයි අලෙවිය නැවත ආරම්භ කිරීමට අවසර ලබාදුන් බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා.

ඒ අනුව දිනුම් ඇදීමට නොහැකි වූ ලොතරැයි පත් පහක දිනුම් ඇදීම ලබන සතියේ 18 වැනිදා සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි. එමෙන්ම නව ලොතරැයිපත් ලබන 25 වැනිදායින් පසු වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *