දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන පාසල් විවෘත කරනවා

කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ රටක් වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දී පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටී. ඒ මහතා මේ අදහස් පළ කලේ බස්නාහිර පළාතේ සියළු කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (14) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *